2008 වසරේ අප්‍රෙල් 25දා පිළියන්දලදී බස්රථ බෝම්බයක් පුපුරුවා හැරී බවට චෝදනා ලැබ සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට අධිකරණය විසින් අද (08) ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළා. මෙම සිදුවීම නිසා පුද්ගලයින් 30 දෙනෙකු ඝාතනය කිරීම හා තවත් 42 දෙනෙකුට තුවාල සිදුකිරීම ඇතුලු අධි චෝදනා 94 කට වරදකරු කරමින් මෙලෙස හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා හට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම නියම කෙරුණා.
මේ පිළිබඳව සිදු කරන ලද මූලික විමර්ශන වලදී අණාවරණය වී තිබුණේ ප‍්‍රබල දේශපාලනඥයකු ඉලක්ක කරගෙන මෙම බෝම්බය පුපුරවා හරින ලෙසට බවය. එහෙත් මේ නියමිත ප‍්‍රභූවරයා ඉලක්ක කර ගැනීමට කල්ගත වීම හේතුවෙන් අදාල බෝම්බය බස් රථයක් තුළ පුපුරවා හරින්න යැයි උපදෙස් ලැබ තිබුණි.
දුරස්ථ පාලකය සහ බෝම්බ පාර්සලය රැගෙන පිළියන්දලට පැමිණි සැකකරු, කහපොල බලා ධාවනය වීමට නියමිතව තිබූ බස් රථයට ගොඩවී බස් රථයේ පාර්සල් රාක්කය මත බෝම්බය සහිත පාර්සලය තබා තිබෙනවා. අනතුරුව ඔහු හිස්ව තිබූ අසුන් ගත් බවයි අණාවරණය වී තිබුණේ.
විනාඩි 10 – 15 ක් පමණ බසයේ වාඩි වී සිටි ඔහු බස් රථයෙන් බැස ගොස් තිබෙනවා. බස් රථය පස්වරු 6.45 ට පමණ පිළියන්දලින් පිටත් වීමත් සමග සාක්කුවේ දමාගෙන සිටි දුරස්ථ පාලකය අතට ගත් ත්‍රස්තවාදියා බෝම්බය පුපුරවා හැර තිබෙනවා. මෙම බෝම්බයෙන් මියගිය පිරිස අතර හිමිනම්ක්, වයස අවුරුදු 10ක පමණ දරුවකුද වූවා.
උපුටා ගැනීම nethnews.lk
from Gossip Lanka News & Video http://ift.tt/2yLHo0O
via internet
0 Comments