ud<fò msÜgq., m%foaYfha ksjila bÈßmsg § wyq,d.;a .=jka úÿ,s hka;%hla úÿ,shg iïnkaO lsÍug hdfï§ th mqmqrd f.dia ;sfnkjd' fuu msmsÍfuka 13 yeúßÈ mdi,a isiqfjl= ;=jd, ,nd frday,a .; lr we;s njhs fmd,Sish mejiqfõ'
ud<fò msÜgq., ksjila bÈßmsg we;s jdhq iólrK w¨;ajeähd lrk ia:dkhla wdikakfha ;sî 13 yeúßÈ mdi,a isiqfjl= .=jka úÿ,s hka;%hla oel ;sfnkjd' th ksjig /f.k f.dia úÿ,shg iïnkaO lsÍfï§ mqmqrd f.dia we;s njhs fmd,sish mejiqfõ' Bfha rd;%S 7'30 g muK isÿjQ fuu msmsÍfuka wod, mdi,a isiqjd ;=jd, ,enQ w;r Tyq wk;=rej frday,a .; flreKd'
YÍrfha ms<siaiqï ;=jd, isÿjQ fuu isiqjd m<uqj fld<U cd;sl frdayf,a yÈis wk;=re tallhg;a miqj fld<U wlaIs frday,g;a udrelr hjd ;sfnkjd' fuf,i ;=jd, ,nd we;af;a 13 yeúßÈ ;s%udK úf–fialr keu;s nKavdrfj, m%foaYfha mdi,l isiqfjla' mdi,a ksjdvq iuh fya;=fjka ud<fò msysá ish ñ;a;Kshf.a ksjig wod, isiqjd meñK we;s nj uQ,sl mÍlaIK j,ë wkdjrKh ù ;sfnkjd'
fuu msmsÍfuka ksjfia WmlrK lsysmhlg o ydks isÿù ;sfnkjd' isoaêh iïnkaOfhka mÍlaIK mj;ajk fmd,sish mjikafka fuh wgjk ,o fndaïnhla njg iel lrk njhs' fï iïnkaOfhka rcfha ri mÍlaIljrhd le|jd wo Èkfha§ ;jÿrg;a mÍlaIK isÿlrk njhs fmd,Sish m%ldY lf,a' kqf.af.dv fmd,sia fldÜGdYhg wkqhqla;j wmrdO ia:dk mÍlaIl ks<OdÍka o wo WoEik meñK mÍlaIK isÿl, njhs wm jd¾;dlre mejiqfõ'
Video my;ska…
මාළඹේ පිට්ටුගල ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී අහුලාගත් ගුවන් විදුලි යන්ත‍්‍රයක් විදුලියට සම්බන්ධ කිරීමට යාමේදී එය පුපුරා ගොස් තිබෙනවා. මෙම පිපිරීමෙන් 13 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
මාළඹේ පිට්ටුගල නිවසක් ඉදිරිපිට ඇති වායු සමීකරණ අලූත්වැඩියා කරන ස්ථානයක් ආසන්නයේ තිබී 13 හැවිරිදි පාසල් සිසුවෙකු ගුවන් විදුලි යන්ත‍්‍රයක් දැක තිබෙනවා. එය නිවසට රැගෙන ගොස් විදුලියට සම්බන්ධ කිරීමේදී පුපුරා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. ඊයේ රාත‍්‍රී 7.30 ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් අදාල පාසල් සිසුවා තුවාල ලැබූ අතර ඔහු අනතුරුව රෝහල් ගත කෙරුණා.
ශරීරයේ පිළිස්සුම් තුවාල සිදුවූ මෙම සිසුවා පළමුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයටත් පසුව කොළඹ අක්ෂි රෝහලටත් මාරුකර යවා තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ 13 හැවිරිදි ති‍්‍රමාණ විජේසේකර නැමති බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පාසලක සිසුවෙක්. පාසල් නිවාඩු සමය හේතුවෙන් මාළඹේ පිහිටි සිය මිත්තණියගේ නිවසට අදාල සිසුවා පැමිණ ඇති බව මූලික පරීක්ෂණ වලධී අනාවරණය වී තිබෙනවා.
මෙම පිපිරීමෙන් නිවසේ උපකරණ කිහිපයකට ද හානි සිදුවී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය පවසන්නේ මෙය අටවන ලද බෝම්බයක් බවට සැක කරන බවයි. මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා කැඳවා අද දිනයේදී තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය ප‍්‍රකාශ කලේ. නුගේගොඩ පොලිස් කොට්ඨාශයට අනුයුක්තව අපරාධ ස්ථාන පරීක්ෂක නිළධාරීන් ද අද උදෑසන පැමිණ පරීක්ෂණ සිදුකල බවයි අප වාර්තාකරු පැවසුවේ.
වීඩියෝව පහතින්…
The post ගුවන් විදුලි යන්ත‍්‍රයක් පිපිරී 13 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලැබූ අයුරු appeared first on Gossip King.

0 Comments