Ticker

6/recent/ticker-posts

Header Ads Widget

MCC ගිවිසුම නීති විරෝධියි - නීතිපති

පසුගිය යහපාලන රජය විසින් අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුම නීත්‍යානුකූල නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ. 
 
ඒ අනුව එම ගිවිසුමට අදාළව හුවමාරු වූ ලිපි ලේඛන ව්‍යවස්ථා විරෝධී  බව නීතිපතිවරයා සඳහන් කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය. 
 
කෙසේවෙතත් එම ගිවිසුමට අදාළව මෙරටට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට ඇමරිකාව පසුගිය දෙසැම්බර් මස තීරණය කර තිබුණි. 
 
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරණ සමයේ මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ සමයේදීද විශේෂ කතා බහකට ලක් වූ අතර එය රටට අහිතකර ගිවිසුමක් බවත් සමාලෝචනයකින් තොරව එය අත්සන් නොකරන බවටත් වත්මන් ආණ්ඩුව කරුණු දැක්වීය. 
 
එමෙන්ම මේ ගැන විමර්ශනයට ජනාධිපතිවරයා විසින් කමිටුවක්ද පත්කෙරුණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();