බස්නාහිර පළාතේ හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලු පාසල් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඊයේ (11) සිට ආරම්භ කිරීමට පියවර ගැනිණි. මේ හැටන් ප්‍රදේශයේ පාසලක දරුවන් උෂ්ණත්වය මැන බැලීම සඳහා මීටරයේ දුරින් යුතුව පේළි ගැසී සිටින අයුරුයි.
ඡායා රූපය - හැටන් මධ්‍යම සමූහ බස්නාහිර පළාතේ හැර ඊයේ (11) දිනයේ පාසල් ආරම්භ කළ අනෙක් පළාත් අටෙහි සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සියයට 51 ක් හා ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සියයට 88 ඉක්මවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම පළාත් වලින් සිසුන්ගේ පැමිණිමේ වැඩිම ප්‍රතිශතය වන සියයට 71ක් ඌව පළාතෙන් හා ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සියයට 98ක් උතුරු පළාතෙන්ද වාර්තා වූ බව එම අමාත්‍යාශය සඳහන් කරයි.
බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ සෙසු පාසල්වල පළමු පාසල් වාරය ඊයේ සිට ආරම්භ කෙරුණු අතර නැගෙනහිර පළාතේ පාසල් 32ක් , උතුරු පළාතේ පාසල් නවයක්, මධ්‍යම පළාතේ පාසල් හතරක්,සබරගමුව පළාතේ පාසල් 14 ක් , දකුණු පළාතේ පාසල් අටක් සහ වයඹ පළාතේ පාසල් දෙකක් ඊයේ දින විවෘත නොකිරිණි, එම පළාත්වල අනෙකුත් සියලු පාසල් ඒ අනුව විවෘත කෙරිණි .
covid නව සාමාන්‍ය තත්ත්වය හමුවේ පවතින අභියෝගය වගකීම් සහගත ව භාර ගනිමින්, දරුවන් පාසලට කැඳවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගත් තීන්දුව සහ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අංග සම්පූර්ණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා දායක වන සෞඛ්‍ය,ප්‍රවාහන ,ආරක්ෂක අංශ ඇතුළු සියලු ක්ෂේත්රවල නිලධාරීන්ටත්, කාර්ය මණ්ඩලවලටත් අධ්‍යාපන ලේකම්වරයා තම කෘතවේදිත්වය පළ කර සිටී . එමෙන් ම ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පාසල් මට්ටමින් විධිමත් ව ක්‍රියාවට නංවන්නට සහාය වන පළාත් කලාප, කොට්ඨාස අධ්‍යාපන නිලධාරීන්ට සහ විදුහල්පතිවරුන්,ගුරුවරුන්,දෙමව්පියන් ඇතුළු සියලු පාර්ශව වෙත ද විශේෂයෙන් ම, මේ පිළිබඳ නිරන්තර වාර්තාකරණයේ යෙදෙමින් ජනතාව දැනුවත් කරන සියලු මාධ්‍ය ආයතන වෙත ද අධ්‍යාපන ලේකම්වරයා ස්තූතිය පළ කළේ ය. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධව ඉදිරියේ දී තීරණය කිරීමට සෙසු පළාත්වල තත්ත්වයන් සැලකිල්ලට ගන්නා බව ද අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. මේ අවස්ථාවට අධ්‍යාපන අතිරේක ලේකම් ඩී ධර්මසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සිතාරා සේනානී
0 Comments