දේශපාලනික, සමාජීය හා ආර්ථික වශයෙන් අගාධයකට වැටී තිබෙන රට ඉන් මුදා ගැනීම සඳහා තමන්ට බලය ලබාදෙන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෑත ඉතිහාසය තුළ රටක් පාලනය කිරීමට පත් වූ දුර්වලම ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව මහනුවර හිඳගල ප්‍රදේශයේදී පෙරේදා (11) මාධ්‍ය හමුවකදී විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදී රැවටුණු ආකාරයට යළි නොරැවටී ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් ඔස්සේ පාලන බලය ලබා ගැනීමට සහය දෙන ලෙස තමන් ජනතාව ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසුවේය. ජන ජීවිතය කඩා වැටී රට විශාල ආර්ථික පසුබෑමකට ලක්ව තිබියදී මූල්‍ය උත්තේජක පැකේජ ක්‍රියාත්මක කිරීමට වෙනත් රටවල් කටයුතු කරත්දී වක්මන් ආණ්ඩුව කිසිවක් නොකර ජනතාව පීඩාවට පත් කරමින් සිටින බවද ඒ මහතා කීය. රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය, දේශපාලන නිදහස සුරැකීම තම අරමුණ බවත්, එය සාර්ථකවීමට නම් රටේ ජාතික හා ආගමික එකමුතු බව තිබිය යුතු බවත් කී ප්‍රේමදාස මහතා සංහිඳියා කාර්යාලය පිහිටුවීමට ප්‍රමාද වී හෝ ආණ්ඩුව කටයුතු කිරීම අගය කරන බවද පැවසුවේය.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද සහභාගී විය.
අසේල කුරුළුවංශ
0 Comments