ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ නව පාසල් වාරයට දඹුල්ල, ගලේවෙල, නාඋල, සීගිරිය ආදී ප්‍රදේශවල දරුදැරියෝ විශාල වශයෙන් පැමිණ සිටියහ.
දඹුල්ල ජාතික පාසල, කනිෂ්ඨ විද්‍යාලය, මොහාන් ජහමහ විදුහල ඇතුළු විදුහල් ගණනාවකටම විශාල වශයෙන් පාසල් දරුවන් පැමිණෙමින් සිටින ආකාරය දැක ගැනීමට හැකි වූ අතර පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම, අත සේදීම, ශරීර උෂ්ණත්ව පරීක්ෂාකර බැලීම ආදී කටයුතු සිදුවන අයුරුද දැක ගැනීමට හැකියාව ලැබිණි.
කෙසේ වෙතත් ගලේවෙල, නාඋල, සීගිරිය, දඹුල්ල ආදී ප්‍රදේශවල පාසල් දරුවන්ගේ පැමිණීම යම් මට්ටමකින් හොඳ තත්ත්වයක් පැවති බව විදුහල්පතිවරු පවසති.
දරුවන්ගේ පැමිණීම යම් මට්ටමකින් හෝ අඩු වී පැවතියේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
මෙදින පොදු ප්‍රවාහන සේවයට වඩා මව්පියෝ තම පෞද්ගලික වාහනවලින් දරුවන් පාසල් වෙත ඒවා තිබිණි.
සීගිරිය විශේෂ
0 Comments