Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් වෛරසය වැලැක්වීම සබැදිව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ සාකච්ඡාවක්

ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමෙි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2021 ජනවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රීක්කයන් ආවරණය වන පරිදි යුද හමුදාවේ ජ්‍යේෂඨ නිලධාරින් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරින් ලෙස  පත්කරන ලදි. 
 
ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයෙහි කොවිඩ් -19 වෛරසය වැලැක්වීම සම්බන්ධිකාරක නිලධාරි ලෙස ආරක‍්ෂක සේනාව (යාපනය) ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර මහතා නිලධාරි පත්කර ඇත. 
 
යාපනය දිස්ත්‍රීක්කය තුල කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ(07) යාපනය දිසාපති කාර්යාලයේදී  පැවැත්විණි.
   
මෙම සාකච්ඡාව සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශිය ලේකම්වරුන්, ආරක‍්ෂක සේනාව (යාපනය) ආඥාපති, යාපනය නියෝජ්‍ය පොලිස්පති, 51,52 සහ 55 වන පාබල සේනාංකාධිපතිවරුන්, සෞඛ්‍ය අධ්‍යක‍්ෂක - යාපනය ශික්ෂණ රෝහල, ත්‍රිවිධ හමුදා ජ්‍යේෂඨනිලධාරින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, මහජන සෞඛ්‍ය පරික‍ෂක නිලධාරින්, රාජ්‍ය නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගී වූහ.  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();