විදේශගතව සිට මෙරටට මත්ද්‍රව්‍ය තොග වශයෙන් එවනු ලබන ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳවත් ඉහළ පෙළේ නිලධාරීන්ගේ සාකච්ඡාවක් ඊයේ (18දා) බත්තරමුල්ල ‘ඉසුරුපාය’ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීම මෙම සාකච්ඡාවේ මූලික අදහස වූ අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් හා මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් සම්බන්ධයෙන් නීති කටයුතු කඩිනම් කොට අදාළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒම පිළිබඳවද මෙම සාකච්ඡාවේ තීන්දු තීරණ ගනු ලැබීය.
එමෙන්ම දරුණු ගණයේ අපරාධ සිදුකළ අපරාධකරුවන් සම්බන්ධයෙන් විශේෂිත ආකාරයට විමර්ශන ආරම්භ කිරීමත් මෙහිදී සාකච්ඡාවට භාජන විය.
මේ අතර ළමා අපචාර නඩු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා පැවැතුණු අතර ඉතා වේගයෙන් මෙම විමර්ශන සිදුකොට කෙටි කලකින් මහාධිකරණවලදී අධිචෝදනා ගොනු කිරීම ගැනද මෙහිදී කරුණු කාරණා පැහැදිලි කරන්නට විය.
එමෙන්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් විශේෂඥ සාක්කි ලබාගැනීමේ ක්‍රමවේදයන් වේගවත් කිරීම ගැනද මෙහිදී අවධානයට ලක්විය.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබි්‍ර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ නියෝජ්‍ය පොලිස්පති නීති හා විනය දිසා භාර අජිත් රෝහණ යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගි වූවන් අතර වූහ.
රටේ අපරාධ හා යුක්තිකරණය තුළ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඇති නීති අණපනත්වල ඇති අඩුපාඩු හඳුනාගෙන ඉක්මනින් එම නීති සංශෝධනය කිරීමද මෙහිදී අවධානයට යොමු විය.
නීතිය හා සාමය රටේ පවත්වාගෙන යෑමටත් ජනතාවට අපරාධ පිළිබඳ බියකින් තොරව ජීවත්වීමටත් මතින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා වැදගත් වන කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ගැනුණු අතර අධිකරණ අමාත්‍යාංශය, මහජන සමය පිළිබඳ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමටද මෙහිදී එකඟතාවකට පැමිණියහ.
මෙරට අපරාධ යුක්ති ක්‍රමය තුළ අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මැඬ පැවැත්වීමට හා සියලුදෙනාට සාමයෙන් සතුටින් අපරාධ පිළිබඳ බියෙන් තොරව ජීවත්වීමේ වාතාවරණයක් ඇති කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3nXEnzx
tribune

0 Comments