ඉන්දියාවේ මාර්ගයක් අසල පදික වේදිකාවක නිදාගෙන සිටි සංක්‍රමණික කම්කරුවන් පිරිසකගේ සිරුරු උඩින් ට්‍රක් රථයක් ගමන් කිරීමෙන් 15 දෙනෙක් මියගොස් තිබේ. අඟහරුවාදා (ඊයේ) අලුයම් කාලයේ සිදු වී ඇති මේ අනතුරෙන් හය දෙනෙක් බරපතළ ලෙස තුවාල ලබා තිබේ. ට්‍රක් රථය ට්‍රැක්ටර් රථයක ගැටී රියැදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදු වී තිබේ. මේ අනතුර ශෝකජනක සිද්ධියක් බව අගමැති මෝදි පවසා ඇත. මියගිය කම්කරුවන් පිරිස රාජස්තානයේ සිට පැමිණි පිරිසක් වන අතර දවසේ රාජකාරී නිමවා නිදාගෙන සිටිය දී අනතුරට මුහුණ පා ඇත.


0 Comments