ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ගුවන් මගීන් 708 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 12 කින් අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , තවත් ගුවන් මගීන් 447 දෙනෙකු ගුවන් යානා 14 කින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය
මෙසේ පැමිණ තිබූ පිරිස අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති වල සේවය කරන චීන ජාතිකයන් , ඉන්දීය කර්මාන්තශාලා වල සේවය කරන ඉන්දීය ජාතිකයන් , ශ්‍රී ලංකාවේ විවිධ තානාපති කාර්යාල වල සේවය කරන තානාපති නිලධාරීන් ද සිටියහ .
මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 300 දෙනෙකු ද කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ අද දින අලුයම ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
මෙම සියලු ගුවන් මගීන් මේ වනවිට නීරෝධායනය සදහා යොමු කර තිබේ .
ඊට අමතරව කටුනායක ගුවන් තොටුපළෙන් මෙම කාළය තුළ පිටත්ව ගිය ගුවන් මගීන් අතර 250 ක තරම් පිරිසක් මැදපෙරදිග රැකියා සදහා විදේශගත වී ඇති බව ද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
එමෙන්ම දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් තරග සංචාරයකට එක් වී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දින රාත්‍රී 8.00 ට ජොහැන්ස්බර්ග් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1708 දරන ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2XmDIwn
tribune
0 Comments