මුහුණු ආවරණ නොපැලඳ මහමඟ ගමන් කරන තැනැත්තන් ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයට සහ පී.සී.ආර්. පරීක්ෂණවලට භාජන කිරීම ඊයේ (05දා) සිට සිදුකිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මුහුණු ආවරණ රෙගුලාසි උල්ලංඝනය කරන තැනැත්තන්ට එරෙහිව අධිකරණ ක්රියාමාර්ගයන්ද ගන්නා බව හෙතෙම සඳහන් කරයි.
විශේෂයෙන් බස්නාහිර පළාත තුළ දැඩිව මෙම තත්ත්වය සොයා බලන බවත් පොලිසිය හා සෞඛ්‍ය අංශ එක්ව මුහුණු ආවරණ නොපලඳින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් පොලිසිය පවසයි.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
ඊයේ (05දා) කොළඹ නගරයේ මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයන් තුන්සියයකට (300) පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදුකර එම අයගෙන් දෙදෙනකු (02) කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගත් බැව් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
එම කොරෝනා ආසාදිතයන් දෙදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/38fYdBm
tribune
0 Comments