Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොදුරද මඬුලු තරුණ පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ඇමැති ධුරය ඩිලාන්ට

ශ්‍රී ලංකාවට ඉමහත් අභිමානයක් එක් කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිල 05න් එකක් වන සෞඛ්‍ය ඇමැති ධුරයට ඩිලාන් අබේවර්ධන මහතා පත් කර තිබේ.වසරක කාලයක් බලපැවැත්වෙන මේ ධුරය සඳහා රටවල් 54ක තරුණ තරුණියන් 100 දෙනකු අතර ZOOM තාක්ෂණය ඔස්සේ පැවැති ඡන්ද විමසීමකින් අනතුරව මේ පත් කිරීම කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය හදාරන ඩිලාන් මහතා ජෛව යාන්ත්‍රික ඉන්ජිනේරුවරයකු වශයෙන්ද කටයුතු කරන අතර ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ බීජ වැපුරුම් යන්ත්‍රයක් නිෂ්පාදනය කළේද මොහුය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධාන කරනු ලබන ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ ප්‍රතිපක්ෂ නායකවරයා ලෙසද ඩිලාන් මහතා කටයුතු කරමින් සිටී.

එමෙන්ම මොහු සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ පාර්ලිමේන්තු නියෝජනය සඳහා තරුණ සේවා සභාවේ ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ බලශක්ති හා මහජන උපයෝගිතා ඇමැති අචිනි නවරත්න මෙනවියද තේරීපත්වී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();