නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල රාති‍්‍ර සමාජ ශාලාවල පැවැත්වෙන සාද සහ උත්සව වැටලීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවැසීය.
පසුගිය සති අන්තයේ කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල රාති‍්‍ර සමාජ ශාලා, උත්සව ශාලා, හෝටල් සහ විවිධ ප්‍රසිද්ධ ස්ථානවල නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් සාද පැවැති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.
කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය තදින් පැතිර යන අවස්ථාවක මේ ආකාරයට නිරෝධායන නීති රීති කඩකරමින් විශාල පිරිසක් එක්රැුස්වී සාද පැවැත්වීම ඉතාම භයානක තත්ත්වයක් බව අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.
නිරෝධායන නීති කඩකරමින් පි‍්‍රය සාද පවත්වන රාති‍්‍ර සමාජ ශාලා, හෝටල් සහ උත්සව පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවද නීතිඥ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර මෙම රාති‍්‍ර සමාජ ශාලාවල හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ඉතාම බහුලව පාවිච්චි වන බවට ලැබී ඇති තොරතුරු මත ඒ පිළිබඳවද විමර්ශනය කිරීමට කටයුතු කරන බව අජිත් රෝහණ මහතා පැවසීය.
ඉදිරියේදී පැවැත්වෙන නත්තල සහ වසර අවසානයේ පැවැත්වෙන උත්සව පි‍්‍රය සම්භාෂණ අවම කරන ලෙසත් ඒවා පවත්වන්නේ නම් නිරෝධායන නීති අනුගමනය කළ යුතු බවත් අජිත් රෝහණ මහතා කියා සිටියේය.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/38tcMR4
tribune
0 Comments