ඊයේ (20) දිනයේ කොවිඩ් ආසාදිතයින් 594ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 33,590ක්.
මෙරට සුවය ලැබූ ආසාදිතයන් ගණන අද (20) දින 28,000 ඉක්මවා ගොස් තිබේ. මෙලෙස සුව වූ ආසාදිතයන් ගෙන් ආසාදිතයන් 715 දෙනෙකු අද (20) දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව සුව වූ ආසාදිත සමස්ත පිරිස 28,267ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන්කරනවා. කෙසේ වෙතත් කොවිඩ් ආසාදිත රෝගීන් 8,229ක් මේ වන විට රෝහල් ගතව සිටිනවා.
සෞඛ්‍ය අංශ දැනුම් දී සිටින්නේ ඉදිරි සතිය තුල මේ පාලනය දිගටම ගෙන ගියහොත් ආසාධිත සංඛ්‍යාවට වඩා සුවවූ රෝගීන් ප්‍රමාණය වැඩි වීම තුල යහපත් තත්වයකට ගමන් කල හැකි බවයි, නමුත් ඔවුන් අනතරු අඟවන්නේ ඉදිරි උත්සව සාමය තුල ජනතාව සිය වගකීම ඉටු නොකළ හොත් ඉදිරියේදී රෝගීන් මෙන්ම මරණ සංඛ්‍යාවද ඉහල යාමේ අවධානමක් පවතින බවයි.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2J6B0aW
tribune
0 Comments