කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ වසා තැබුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 42ක ආධ්‍යයන කටයුතු අද (14) දිනයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
කෙසේවෙතත් නගරයේ පාසල් තුනක් තවදුරටත් වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කරයි
මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග එම දිස්ත්‍රික්කයේ පාසල් 45ක අධ්‍යයන කටයුතු පසුගිය සතිය තුළ නතර කෙරුණි.
මේ වනවිට මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව පාසල් 42ක් අද (14) දිනයේ සිට විවෘත කිරීමට පියවර ගෙන ඇත
0 Comments