බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් 2965ක් ඊයේ (13) දහවල් වන විට වාර්තා වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි. මෙයින් 103 දෙනකු බන්ධනාගාර නිලධාරීහු වෙති. මේ අතර .මරණ දණ්ඩණය නියමවී වැලිකඩ බන්ධනාගාරයේ ‘එච්‘ වාට්ටුවේ රඳවා සිටි ,හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාද වන අතර පෙරේදා (12) ඒ බැව් තහවුරු වීමත් සමඟම ඔහුව ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි.ඔහු සමඟ එම සිරවාට්ටුවේ සිටි තවත් රැඳවූවන් 40කට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ.
ඊයේ (13) දහවල් වන විට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවූ කොවිඩ් ආසාදිතයන්ගෙන් 770 දෙනකුම වාර්තාවන්නේ වැලිකඩ බන්ධනාගාරයෙනි.මෙයින් 610 දෙනකු පිරිමි රැඳවූවන් වන අතර 43 දෙනෙක් බන්ධනාගාර නිලධාරිහුය.
මහර බන්ධනාගාරයෙන් ආසාදිතයන් 446ක් ඊයේ (13) වන විට වාර්තාවූ අතර, මැගසින් බන්ධනාගාරයෙන් ආසාදිතයන් 671ක්ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 347ක්ද,බෝගම්බර බන්ධනාගාරයෙන් 416ක්ද වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් 158ක්ද බූස්ස බන්ධනාගාරයෙන් 73ක්ද,වීරවිල බන්ධනාගාරයෙන් 46 දෙනකුද කුරුවිට බන්ධනාගාරයෙන් 32ක්ද වශයෙන් සමස්ත ආසාදිතයන් වාර්තා වී ඇත.
බුද්ධිකා ඉඹුලාන
0 Comments