හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තවත් තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොණු කර තිබුණු දිවි නැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.
ඔවුන්ට එල්ල වී තිබුණු චෝදනාව වූයේ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර තිබීමයි.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ද නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර ඇත.
0 Comments