Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු ජනපති මෛත්‍රීගේ කාර්ය මණ්ඩල ප්‍රධානිගේ ඇප ඉල්ලීම ඉවතට

Author(s): 
කුමුදු හෙට්ටිආරච්චි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඊයේ (25) ප්‍රතික්ෂේප කරන ලදි.

රුපියල් කෝටි 20ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනා මත වරදකරුවී වසර 20ක සිරදඬුවම් නියමව සිටින ආචාර්ය කුසුම්දාස මහානාම මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇප අයදුමක් ඉදිරිපත් කර තිබියදී ඇප නියම කිරීම සම්බන්ධයෙන් වූ ඇප අයදුමක් මේ අධිකරණය හමුවේ විභාග කිරීම සිදු කළ නොහැකි බවට නීතිපතිවරයා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එම ඇප අයදුම එසේ ප්‍රතික්ෂේප කරන ලදි.

සම්පත් අ⁣බේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ස්ථිර තිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ ඇප අයදුම ඉදිරිපත් කර තිබුණි.

වර්තමානයේ වැලිකඩ බන්ධනාගාරය තුළ කොවිඩ් වයිරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර, තම සේවාදායකයා හෘද රෝගියකු බැවින් ඔහු ඒ තුළ තවදුරටත් රැඳී සිටියහොත් ඔහුගේ ජීවිතයට පවා අනතුරක් සිදුවීමට ඉඩකඩ පවතින බව පැවසීය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();