Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බ්‍රිතාන්‍ය අගමැති යළිත් නිරෝධායනයේ

සමීප පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අගමැති බොරිස් ජොන්සන් නැවතත් ස්වයං නිරෝධායනයට ලක් වී ඇති බව වාර්තාවේ.
 
ඔහු පසුගිය අප්‍රේල් මාසයේ කොරෝනා ආසාදනය වී රෝහල් ගත කෙරිණ.
 
නව ආශ්‍රිතයා මුණ ගැසී ඇත්තේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ සිය නිල නිවසේ පසුගිය සතියේ පැවති රැස්වීමකදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
56 හැවිරිදි බ්‍රිතාන්‍ය අගමැතිවරයා මුල්වර කොරෝනා ආසාදනයේදී දින 03 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවේ ය. බ්‍රිතාන්‍යයේ කොරෝනා ව්‍යාප්තිය දැන් නැවතත් ඉහළ ගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට දහතුන් ලක්ෂ 69,000 ඉක්මවා තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();