Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැති උපදෙසින් කඩොලාන වගා කිරීමේ ව්‍යාපෘතියක්

කඩොලාන පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා දිවයින පුරා වෙරළ තීරයට මායිම්ව කලපු ප්‍රදේශවල කඩොලාන ශාක පැළ යළිත් සිටුවීමේ වැඩසටහක් නගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.
 
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟිනි.
 
දැනට මුළු රටේම පවතින කඩොලාන පරිසරය හෙක්ටයාර 15,669 ක් වන අතර එය තවදුරටත් වර්ධනය කරගෙන පරිසරය ආරක්ෂා කිරීමට ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.
 
එම උපදෙස් අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරයට සමගාමීව කලපු සහිත ප්‍රදේශ කිහිපයක කඩොලාන ශාක පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපති, නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළාය.
 
 කිලිනොච්චිය, මන්නාරම, රැකව ප්‍රදේශවල කඩොලාන ශාක යළි වගා කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදු කෙරුණු අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කඩොලාන ශාක වගා කිරීමේ කටයුතු හෙට (17) දිනයේ ද, පුත්තලම ආනවිලුන්දාව ප්‍රදේශයේ ක‍ඩොලාන ශාක වගා කිරීමේ කටයුතු 24 වැනිදා ද සිදු කිරීමට නියමිතයි.
 
ඊට අමතරව 22 වැනිදා ගල්කිස්ස මුහුදේ ජලය යට පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.
 
මල් කඩොල්, මණ්ඩ, හීන් කඩොල් හා පුංකණ්ඩ යන ශාක මෙසේ කඩොලාන පරිසරයේ වගා කෙරේ.
 
කාබන් ඩයොක්සයිඞ් (Co2) වායුව කඩොලාන ශාක මඟින් අවශෝෂණය කරනු ලබන නිසා වායු දූෂණය වැළැක්වීම සඳහා විශාල කාර්යභාරයක් කඩොලාන ශාක විසින් සිදුකරනු ලබයි.
ගෝලීය උණුසුම වැඩිවීම පාලනය කිරීමක් ද කඩොලාන ශාකවලින් සිදුවන නිසා ඉදිරියේ දී ගෝලීය උණුසුමින් පෘථිවිය ආරක්ෂා කරගැනීම සඳහා වැඩි වශයෙන් කඩොලාන ශාක වගා කිරීමේ අවශ්‍යතාවය ප්‍රබලව පවතී.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();