Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පොලිසියෙන් ඉල්ලයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ යැයි හුවා දැක්වෙන ව්‍යාජ නිවේදන නිර්මාණය කොට සමාජ මාධ්‍ය අඩවි  හරහා බෙදාහැරිම සිදු වෙමින් පවතින බව එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් නිර්මාතෘ අචින්ත බුද්ධික අමරවර්ධන අය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

මේ පිළිබදව සොයා බලා වහාම නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ඔහු පොලිස් මූලස්ථානයෙන්ද ඉල්ලීමක් නර ඇති අතර එහ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය,

පල්ලිය වීදිය,

කොළඹ

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ යැයි හුවා දැක්වෙන ව්‍යාජ නිවේදන සංවිධානාත්මක ලෙස නිර්මාණය කොට සමාජ මාධ්‍ය අඩවි  හරහා බෙදාහැරිම සම්බන්ධයෙන්

 

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් තොරතුරු තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික මහජනතාව සහ මාධ්‍ය ආයතන දැනුවත් කිරීමට නිකුත් කරන මාධ්‍ය නිවේදනයෙහි ආකෘතියට සමාන  ආකෘතියක් යොදාගනිමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ කිර්ති නාමයට හානිවන අයුරින් අප සංගමයේ සභාපතිවරයාගේ නාමයද යොදාගනිමින් ජනතාව නොමග යවන්සුලු තොරතුරු තාක්ෂණ විෂය හා සම්බන්ධ නොවූ පිළිනොගත් පදනමක් නැති මතයන් (conspiracy theories) ව්‍යාජ ලෙස මාධ්‍ය නිවේදන සේ සකස් කර සමාජ මාධ්‍ය ගිණුම් හරහා ජනතාව නොමග යැවීමට සංවිධානාත්මක පිරිසක් කටයුතු කරන බවට අප සංවිධානයට මහජනතාව විසින් පැමිණිලි කොට ඇත.(ඇමිණුම #1)

 

මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකොට අප සංගමයේ නාමය යොදාගනිමින් අසත්‍ය තොරතුරු (conspiracy theories) සමාජගත කරන්නන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සදහා කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා පොලීසියෙන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සයිබර් ආරක්ෂණ අංශයෙන් ඉල්ලා සිටිමු.

 

අචින්ත බුද්ධික අමරවර්ධන

නිර්මාතෘ

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

INFORMATION TECHNOLOGY SOCIETY SRI LANKA

CONTACT- +94772991888

 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

INFORMATION TECHNOLOGY SOCIETY – SRI LANKA

CONTACT- +94711951779

ඉසුරු චාමර

උපසභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

INFORMATION TECHNOLOGY SOCIETY – SRI LANKA

CONTACT- +94712777012

The post ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පොලිසියෙන් ඉල්ලයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();