රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගෙන, දේශපාලඥයන්ට නොනැමී කොන්ද කෙලින් තබාගෙන කටයුතු කරන රාජ්‍ය නිළධාරීන් වෙනුවෙන් රටේ ජනතාව සියලු දෙනා පෙනී සිටිය යුතු බව උලපනේ සුමංගල හිමි පවසයි.
ජනාධිපතිවරයා චක්‍රලේඛ නොතකා, තමන්ගේ කට වචනයට අනුව වැඩ කරන්නැයි රාජ්‍ය නිළධාරීන්ට උපදෙස් දෙමින් සිටිද්දී ජනාධිපතිගේ කට වචනය චක්‍රලේඛ වෙද්දී ජනාධිපතිගේ ගෝලයන් වල්වැදී, කැලෑ විනාශ කරමින්, ගංගා විනාශ කරමින්, පුරාවිද්‍යා ස්ථාන විනාශ කරමින් කටයුතු කරන බව උලපනේ සුමංගල හිමි පවසයි.
එපමණක් නොව ජනාධිපතිගේ ගෝලයන්, කොන්ද කෙලින් තබාගෙන රජයේ සේවකයන්ගේ ජීවිතවලට තර්ජනයක් වී ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙයි. රටේ මෙවැනි තත්වයක් උද්ගතව පවතිද්දී අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඉදිරිපත් වූ වියත් මග නොමග ගොස් ඇති බවත්, ඔවුන් අද සැඟවී සිටින බවත් උලපනේ සුමංගල හිමි අවධාරණය කරයි.
The post වියත්මග හැංගිලා ජනාධිපතිගේ ගෝලයෝ වල් වැදිලා. appeared first on Lanka News Column.
0 Comments