ව්‍යාජ අමෙරිකා ඩොලර් නෝට්ටු සමග සැකකරුවන් දෙදෙනෙකු කන්තලේ වැව අසලදී අත්අඩංගුවට ගෙන ඇත. කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.
ඒ අනුව ව්‍යාජ අමෙරිකානු ඩොලර් සියයයේ නොට්ටු 341ක් සමඟ එක් සැකකරුවෙක් හා තවත් ව්‍යාජ ඩොලර් සියයයේ නෝට්ටු 31ක් සමඟ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන කන්තලේ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 42 සම 48 වයස්වල පසුවේ. ඔවුන් බණ්ඩාරවෙල හා ඉබ්බාගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන් ය.
ඔවුන් කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(24) ඉදිරිපත් කිරීමට නියමිතය.
0 Comments