Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය ආරම්භ කෙරේ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වඩාත් ප්‍රචලිත තේ හා සංචාරක කර්මාන්තය තුළින් ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබාගැනීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කඩිනම් කිරීමට කටයුතු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. 
 
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළකර සිටියේ කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරිමේ ජාතික වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික් මාර්ග සංවර්ධන කටයුතු 17 හා 18 යන දෙදින තුළ ආරම්භ කරමිනි.
 
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමාන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් යන මහත්වරුන් විසින් මෙම මාර්ග සංවර්ධන යෝජනා ඉදිරිපත් කර තිබිණි. 
 
ඒ අනුව කිලෝ මීටර් 10 ක දුරකින් යුක්ත ආගරපතන බෝපත්තලාව මාර්ගය, කිලෝ මීටර් 15.5 ක දුරකින් යුක්ත දික්ඔය - ෆෝඩයිස් ආගරපතන මාර්ගය සහ කිලෝ මීටර් 3.5 ක දුරකින් යුක්ත පුඩළුඔය හෙරෝ ඉහළ කොටස මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරිණි. මේ සදහා රජය විසින් රුපියල් මිලියන 468 ක මුදලක් වෙන් කර තිබේ.
 
පසුගිය 02 අළුයම දික්ඔය ෆෝඩයිස් ආගරපතන මාර්ගයේ එන්සි කොටසේ බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් 51 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ එම මාර්ගය ද මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අයත් වේ.
 
ග්‍රාමීය ජනතාව වැඩිපුරම ඉල්ලන්නෙ ගමේ පාර හදලා දෙන්න කියලා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපිට උපදෙස් දීලා තියෙන්නෙ "සෞභාග්‍යයේ දැක්ම" යටතේ කිලෝමීටර් ලක්ෂයක් හදන්න කියලා. අපි දන්නවා 2005 ට ඉස්සෙල්ලා සාමන්‍යයෙන් ලංකාවේ පාරවල් හැදුවේ කිලෝමීටර් 200 ක් විතර. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වුනාට පස්සේ මඟ නැගුම, ගම නැගුම වැනි විවිධ ව්‍යාපෘති ගෙනල්ලා අවුරුද්දට කිලෝ මීටර් 1,500 ක් විතර හැදුවා. අවුරුදු 30 ක් පැවතුණු යුද්ධය 2009 අවසන් කරලා, මේ රට ආසියාවේ ආශ්චර්යය කරා ගෙනියන ගමනෙදි මාර්ග සංවර්ධනයට ප්‍රධාන තැනක් දුන්නා. අවුරුද්දට කිලෝ මීටර් 4,000 ක් විතර හැදුවා. පසුගිය 2015 – 2019 ගත්තම එදා ආපු සංවර්ධනය ඇණ හිටියා. වැඩ බිමක් වෙලා තිබුණු රට මුඩු බිමක් වුනා කියලා කිවේ ඒකයි.
 
පසුගිය අවුරුදු පහ ගත්තම සංවර්ධනය ආපස්සට ගියා. ඒ හින්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපට උපදෙස් දීලා තියෙනවා ගමේ රටේ ආර්ථිකය ගොඩනගන්න, ගමේ ජනතාවගේ ආර්ථිකයට විශාල ශක්තියක් දෙන ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග සංවර්ධනය වේගවත් කරන්න කියලා. ඒ නිසා ලබන වසරේ කිලෝ මීටර් 30,000 කට එහා මාර්ග සංවර්ධන ඉලක්කයක් සපුරා ගන්න කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();