සහරාන්ට ඉන්දියාවට පළායාමට හිටපු ඇමති බදියුදින්ගේ සහෝදරයෙක් උදව් කළ බව විශ්‍රාමික යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පවසා ඇත.
අන්තවාදීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට යුද හමුදාව සම්බන්ධවීමට අවසර ඉල්ලා සිටියදීත් ඒ සඳහා සම්බන්ධ කර නොගැනීම සහ යුද හමුදා බුද්ධි අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට නිසි ප්‍රමුඛතාවයක් ලබා නොදීම ඉකුත් වසරේ පාස්කු ඉරුදින දිවයිනේ ස්ථාන 08 ක ත්‍රස්ත ප්‍රහාර මලාවක් සිදුවීමට ප්‍රබලව හේතු වූ බව විශ්‍රාමික යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පවසා ඇත.
ඔහු මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් සජීවි වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධ වෙමිනි.
The post බදියුදින්ගේ සහෝදරයෙක් සහරාන්ට ඉන්දියාවට පළායාමට උදව් කළා. appeared first on Lanka News Column.
0 Comments