ශ්රී ලංකාවට පැමිණ සිටින අමෙරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවූ බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.
අමෙරිකානු රාජ්ය ලේකම්වරයා ඊයේ (27) සවස මෙරටට පැමිණි අතර ඔහු මෙරටට පැමිණියේ ඉන්දීය සංචාරයකින් අනතුරුවය.
"වසංගතයෙන් පසුව ආර්ථිකය යථා තත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදබවින් යුත් වෙළඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙන්ම ප්රජාතන්ත්රවාදී නිදහස සඳහා අපගේ පොදු කැපවීම පිළිබඳව සාකච්ඡා කිරීමට පොම්පෙඕ රාජ්ය ලේකම්තුමා අදදින රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවිය." යනුවෙන් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
0 Comments