Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මතුගම-කොළඹ බස් රථයක හිමිකරු, රියදුරු සහ කොන්දොස්තරට කොරෝනා - ආසාදිත මගියෙක් නිසා හෙලිවෙයි

කොන්දොස්තරට සහ බසයේ හිමිකරුට කොරෝනා

අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන මතුගම-කොළඹ සුඛෝපභෝගී බස් රථයක රියදුරුවරයෙකුට, කොන්දොස්තරට සහ එම බසයේ හිමිකරුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වූ බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජි.ඩි. ලයනල් ප්‍රකාශ කර සිටිනවා.

මෙම බස් රථයේ හිමිකරු, රියදුරු සහ රිය සහයක ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත්වී නාගොඩ රෝහලේදී PCR පරීක්ෂණයකට පෙනී සිට තිබෙන අතර එහිදී ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

” මෙම බස් රථයේ ගමන් කළ මතුගම, වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙදියකට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මෙම පිරිසගේ පළමු ආශ්‍රිතයින් කවුරුන්ද යන්න සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍යයි.

මෙම බස් රථයේ කොන්දොස්තරවරයාගේ බිරිඳ සේවය කරන්නේ මතුගම පිහිටි පෞද්ගලික බැංකුවක. ඒ බැංකුව ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වී අද සිය ගණුදෙනු කටයුතුවලින් ඉවත්වුණා. ඒ වගේම මෙම බස් රථයේ සේවකයින් සහ හිමිකරු කොරෝනා ආසාදිත වී ඇති බවට වාර්තා වීමත් සමග මතුගම ප්‍රදේශයෙන් ආරම්භ වන බොහෝ පෞද්ගලික බස් රථ අද දිනයේදී ධාවනය කිරීමෙන් වැලකි තිබෙනවා.

ඒ වගේම මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ පිටුපස පිහිටි කඩ සාප්පුද එහි හිමිකරුවන් විසින් අද දිනයේදී වසා තබා තිබෙනවා යැයි මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජි.ඩි. ලයනල් ප්‍රකාශ කර සිටියා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();