පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (19) අළුයම දෙහිවල ප්‍රදේශයේදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවය.
දැනට ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇති අතර අදාළ විමර්ශන කටයුතු වලින් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2019 ජනාධිපතිවරණයේදී පුත්තලම ප්‍රදේශයේ අවතැන් වූ ජනතාවට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංගම බස් රථ යොදවාගෙන ප්‍රවාහන පහසුකම් සැලැස්වීම තුළින් මහජන මුදල් අවභාවිතා කළේයැයි චෝදනා කරමින් රිෂාඩ් බදූර්දීන් මහතාව අත් අඩංගුවට ගැනීමට නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබාදී තිබුණේ පසුගිය 13 වෙනිදාය. ගතවූ දින පහක් තුළම පොලිසියට ඒ මහතාව සොයාගැනීමට හැකිව තිබුණේ නැත.
0 Comments