ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන් විසින් ගින්න නිවීම සඳහා වැයවූ මුදල් ලෙස නීතිපතිවරයා නියම කර තිබූ රුපියල් මිලියන 442 ක මුදල වන්දි ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ට ගෙවා තිබෙනවා.
ඒ අනුව නීතිපතිවරයා ලබාදී තිබූ රජයේ ගිණුමට එම මුදල් බැර කළ බව නෞකාව හිමි සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිපුන විමලසේකර සඳහන් කළා.
කෙසේවෙතත් මෙලෙස ගෙවා ඇත්තේ නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පාර්ශවයන්ට දැරීමට සිදුවූ වියදම පමණක් බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කලේ.
සමුද්‍රීය පරිසර දූෂණය වෙනුවෙන් වන වන්දි මුදල් ඊට අන්තර්ගත නොමැති බවද ඇය ප්‍රකාශ කලා.
from රට තොට – Colombo Tribune https://ift.tt/34n24Jz
tribune
0 Comments