මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220කට කොරෝනා ආසාදනය වී ඇති බවට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
ඊයේ දිනයේදී ඔවුන් පිරිසකගේ ලබාගත් සාම්පල වල PCR පරීක්ෂණ වාර්තා අද උදෑසන පැමිණීමත් සමඟ මේ බව තහවුරු වී ඇත.
ඊයේ රාත්‍රිය වනවිට එහි වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 101 ක් විය.
ඒ අනුව මේ වනවිට අදාළ පොකුරෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් ගණන 321කි.
0 Comments