Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් 101ට කොවිඩ්

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් 101 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

ඊයේ (05) ලැබුණු පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සේවය සඳහා පැමිණි පිරිස් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි

ඒ අනුව ඊයේ පස්වරුවේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඊට අමතරව දිවුලපිටිය, මීරිගම, ජා ඇළ, මහර, සීදුව සහ කටාන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආයතනයේ නිවාඩු ගොස් සිටි කුරුණැගල - කටුපොත, මොනරාගල - මැදගම, යාපනය - වේලනෙයි ප්‍රදේශවලින්ද ආසාදිතයින් හඳුනාගෙන ඇත.

ඊයේ සමස්ථ ආසාදිතයින් 101 දෙනා අයි.ඩී.එච් ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක් වෙත යොමුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3513ක් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();