චීනය ප්‍රකාශයට පත් කළ දින අටක ජාතික නිවාඩුව අදින් අවසන් වේ. ජනතාවට සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිදහස් ලෙස හැසිරීමට අවස්ථාව ලබා දීම මෙහි අරමුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම නිවාඩුව ආරම්භ කෙරුනේ පසුගිය 01වැනිදා සිටය.
හෝටල් කර්මාන්තයේ උන්නතිය මෙමගින් ඇති වී තිබෙන අතර දේශීය සංචාරක ක්ෂේත්රය ඉහළ නැංවීම ද මෙහි තවත් අරමුණකි.
"ස්වර්ණමය සතිය" ලෙස හඳුන්වන දින අටක නිවාඩුව තුළ මිලියන 550 ක ජනතාවක් දේශීයව සංචාරය කරනු ඇතැයි ගණන් බලා තිබේ.
පසුගිය වසරේ අගභාගයේදී චීන නගරයක් වූ වුහාන් හි කොරෝනා වෛරසය මතු විය. චීනය බොහෝ දුරට වෛරසය පැතිරීම නවතා ඇති බවක් පෙනෙන්නට ඇති අතර බොහෝ සීමාවන් මේවන විට ඉවත් කර ඇත.
0 Comments