Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් කිහිපයකට අදත් වැසි

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
 
ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.
 
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
 
අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රීක්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති වියහැක.
 
දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැක.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();