Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩිල්ෂාන් අබේසිංහ වෛද්‍ය සිසුවා නිපැයූ සී.පී. ආර් යන්ත්‍රය අගමැතිට හඳුන්වා දෙයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණ දීම සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ ඩිල්ෂාන් අබේසිංහ සිසුවා නිර්මාණය කළ සී.පී. ආර් (CPR) යන්ත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හඳුන්වාදීම අරලියගහ මන්දිරයේදී පසුගිය දා (18) සිදු විය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට නව නිපැයුම්කරුවන්ට ලබා දුන් අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මෙම නිර්මාණය කර තිබිණි.

හදවතට නැවත පණ දීම සඳහා කෙරෙන ප්‍රතිකාරයක් ලෙස සී.පී. ආර් (CPR) ලබා දීම සඳහා යාන්ත්‍රික ක්‍රමයක් මේ ඔස්සේ හඳුන්වා දී තිබේ.

වෛද්‍ය සිසුවා කළ මෙම නව නිර්මාණකරණයට මේ වන විට නව නිපැයුම්කරුවන්ගේ සංගමය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අවසරය ද ලැබී තිබේ.

මෙම යන්ත්‍රය අනාගතයේ දී මෙරට රෝහල්වලට හඳුන්වාදීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කළේය.

කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක, මහාචාර්ය ජෝශප් ඇන්තනී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු, සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();