Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශීය රබර් ආශ්‍රීත කර්මාන්ත දියුණු කිරීම සඳහාවූ රාජ්‍ය මැදිහත් වීමක්

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ශ්‍රී ලංකා රබර් ලේකම් කාර්යාලය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ රබර් භාණ්ඩ සංවර්ධන හා සේවා මධ්‍යස්ථානය එක්ව රබර් ආශ්‍රිත නිෂ්පාදන  පිළිබඳ දැනුවත් කිරීමේ එක් දින වැඩසටහනක් සංවිධාන කර ඇත.
 
මෙම වැඩසටහන රබර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත ව්‍යවසායකයන් සහ රබර් නිෂ්පාදන ක්ෂේත්‍රයට අලුතින් එක්වීමට කැමති විභව ව්‍යවසායකයන් සඳහා ඉතාමත් යෝග්‍ය‍ වන අතර න්‍යායික සහ ප්‍රායෝගික දැනුම ලබා දීම පුහුණු සම්පත්දායකයන් විසින් සිදුකරනු ලබයි.
 
මෙම වැඩසටහනේදී වාහන අමතර කොටස්, රබර් සීල්, රබර් බිම් ඇතිරිලිද, රබර් මිශ්‍රිත මල්පෝච්චි, මෙට්‍රස්, ඇසුරුම් ද්‍රව්‍ය යනාදිය හා ලේටෙක්ස් ආශ්‍රිත නිෂ්පාදන  පිලිබඳ දැනුම ලබා දීමට නියමිතය.
 
2020.09.22 දින පෙ.ව. 8.30 සිට ප.ව.4.00 දක්වා, ලුණුවිල, බණ්ඩිරිප්පුව වත්ත, පොල් වගා කිරීමේ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා අළුතින් කර්මාන්තයක් ආරම්භකිරීමට අදහසක් ඇති අය හෝ දැනට මෙම කර්මාන්තවල නියැළෙන කර්මාන්තකරුවන්ට මෙන්ම එම කර්මාන්තවල නිෂ්පාදන අංශයේ/තත්ත්ව පාලන අංශයේ සේවකයින්ට හෝ සහභාගී විය හැක.
 
වැඩසටහන සදහා ලියාපදිංචි ගාස්තුව රු.1000 ක් අය කරන අතර සහභාගිවන්නන්ට ලිපි ද්‍රව්‍ය, උදේ සවස තේ සහ දිවා ආහාර සපයනු ලබයි. ලියාපදිංචිවීම සදහා "ලංකා බැංකුවේ ගිණුම් අංක 74791255" ට මුදල් බැරකර දැනුම් දීමෙන් හෝ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ හලාවත දිස්ත්‍රික් කාර්යාලයට පැමිණ මුදල් ගෙවීමෙන් ඔබගේ සහභාගිත්වය 2020.09.20 දිනට පෙර තහවුරු කල යුතුවේ.
 
වැඩසටහනින් පසුව ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ සංවර්ධනය දක්වා වූ අනෙකුත් සේවාවන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් නොකඩවා සපයනු ලැබේ.
 
වැඩි විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ හලාවත දිස්ත්‍රික් කාර්යාලයේ දුරකථන අංක 032 2222093/ 071 842962 අමතා ලබා ගත හැකිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();