ආණ්ඩුව විසින් උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ලබාදුන් අයවලුන් සදහා ප්‍රසූති නිවාඩු 84 සිට 42 දක්වා කපා හැරීමට එරෙහිව අද(22) බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ “කිරි දෙන්න ඉඩ දෙන්න” යන මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර ඒ සදහා වෘර්තීය සංගම් කිහිපයක් එක්ව සිටියහ.
පෞද්ගලික අංශයේ සේවිකාවන්ට පවා ලබා දෙන මෙම ප්‍රසූති නිවාඩු ගණන 42 ක් දක්වා අඩු කිරීම කිසිසේත්ම අනුමත කර නොහැකි බවත් මේ සදහා ඉඩ ලබා දුනහොත් ඉදිරියේදී සියලුම දෙනාට අත්වන්නේ මෙම ඉරණම බවත් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් මෙහිදී සදහන් කළේය.
තවද අන්තර් ජාතික වශයෙන් පිළිගෙන තිබෙන මෙම ප්‍රසූති නිවාඩු 84 සියලුම දෙනාට හිමිවිය යුතු බවත් දැනටත්මත් ලෝකයේ මාතෘ නිවාඩු පමනක් නොව පිතෘ නිවාඩු පවා දෙන තත්වයක් තුළ මෙම ප්‍රසූති නිවාඩු කප්පාදුව ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ඔහු සදහන් කළේය.
…ගමගේ…
The post මේකට ඉඩ දුන්නොත් අනිත් අයටත් වෙන්නේ මේකමයි. appeared first on Lanka News Column.
0 Comments