Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රත්නපුර - අවිස්සාවේල්ල මාර්ගයේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට

රත්නපුර - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දිවුරුම්පිටිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
අවිස්සාවේල්ල සිට රත්නපුර දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක ඊට පිටුපසින් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
 
එහිදී ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.
 
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන අවිස්සාවේල්ල පොලීසිය සිදු කරනු ලබයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();