Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජ්‍ය ඇමති නිමල් ලාන්සා, ආඬිගම මාර්ගයේ ඉදිකීරීම් නිරීක්ෂණය කරයි

පසුගිය 19 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේ සිදුකළ සංචාරයේදී මදුරන්කුලිය මහකුඹුක්කඩවල මාර්ගය ඉදිකර දෙන ලෙස ජනතාව කළ ඉල්ලීමෙන් පසු එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සොයාබැලීම සදහා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද (21) පෙරවරුවේ එම මාර්ගයේ නීරික්ෂණයකට එක්විය. 
 
කිලෝ මීටර් 17 ක දුරකින් යුත් එම මාර්ගය කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ඉදිකිරීම් කටයුතු සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
 
අධික වර්ෂාව කාලයට මෙම මාර්ගයේ ඇතැම් ස්ථාන ජලයෙන් යටවෙන බැවින් මාර්ගය ඉතා උසස් ප්‍රමිතියකින් යුතුව ඉදිකිරීම සදහා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සදහන් කළේය. 
 
මෙම අවස්ථාවට ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රියංකර ජයරත්න, අශෝක ප්‍රියන්ත, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();