Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය පිළිබඳ තවදුරටත් පුළුල් විමර්ශන

මහනුවර බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය පිළිබඳ තවදුරටත් පුළුල් විමර්ශන සිදු කෙරේ.
 
මෙම පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් ඊට යාබද හෝටලයක් සහිත නිවසක ජීවත් වූ අඹු සැමි යුවළක් සහ  ඔවුන්ගේ අත දරුවා ඊයේ(20) ජීවිතක්ෂයට පත්විය. ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මහනුවර රෝහලේදී අද සිදුකිරීමෙන් අනතුරුව දේහයන් ඥාතීන් වෙත භාරදීමට නියමිතය.
 
මේ අතර කඩා වැටුණු ගොඩනැගිල්ලේ අයිතිකරුවන් සිද්ධිය වූ ස්ථානයට අද පැමිණ තිබේ. ඔවුන් පවසන්නේ ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකට ඉදි කර තිබූ බවයි. 
 
කෙසේ වෙතත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් ඇතුළු අදාළ අංශ මේ පිළිබඳ පුළුල් විමර්ශන සිදුකරනු ලැබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();