Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැළණි වැලි දුම්රිය මග ශුද්ධ පවිත්‍ර කෙරේ

දුම්රිය වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට පාදුක්ක දක්වා කොටසේ දුම්රිය ස්ථාන හා දුම්රිය මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්පෙරේදා( 19 ) දවස පුරා පැවැත්විණ.

මේ යටතේ දුම්රිය ස්ථානවල තීන්ත ආලේපන කිරීම ,දුම්රිය සංඥා පුවරු පිලිසකර කිරීම,මාර්ග දෙපස පිරිසිදු කිරීම, ආදී කටයුතු රැසක් දුම්රිය සේවකයින් 800 පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ .

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමා,මෙම රජයබලයට පත්වූ දිනයේ සිට දින 90 ක් ඇතුලත  කැළණිවැලි දුම්රිය මාර්ගය සඳහා අතිරේක දුම්රිය ධාවනය කිරීමට වැඩසටහනක් ආරම්භකර තිබෙන බව පැවසීය .

ඒ යටතේ කැළණි වැලි දුම්රිය මාර්ගය ඔස්සේ අගනුවර කාර්යාල සහ පාසල් සඳහා පැමිණෙන සිසුන්ට සහ අනෙකුත් මගීන්ට විශාල පහසුවක් සැලසීමටද හැකිවනු ඇති බවත්කැළණිවැලි දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල මේ වනවිටත් ආරම්භ කර තිබෙන බව පැවසීය.

විශේෂයෙන්ම දුම්රිය ප්‍රමාදයකින් තොරව නියමිත කාලසටහනකට අනුව ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තමා අදාල අංශ හා බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවත් පැවසීය.

කැළණිවැලි දුම්රිය මාර්ගය පිළිසකර කර නව දුම්රිය යෙදවීමෙන්, කොලඹ දක්වා වූ හයිලෙවල් මාර්ගයේ ඇති මාර්ග තදබදය අවම කිරීමට හැකිවන බව තමා විශ්වාස කරන බවද පෞද්ගලික වාහන මගින් හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ කොටුව දක්වා පැමිණෙන කාර්යාල සේවකයින් හා අනෙකුත් මගීන් නියමිත වේලාවට දුම්රිය ධාවනය කිරීම තුලින්දුම්රියෙන් ගමන්කිරීමට නැඹුරුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

තවද මාකුඹුරු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන වැනි ස්ථාන වලදී (PARK & DRIVE) තම පෞද්ගලික වාහන වලින් පැමිණෙන මගීන්ට තම වාහන ආරක්ෂිතව එම ස්ථානවල ගාල්කර කාර්යාල වලට හෝ තම අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අගනුවරට දුම්රියෙන් හෝ බස්රථයෙන් ගමන්කොට නැවතත් තම වාහනයෙන් නිවස බලා යාමට හැකිවන නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගීම සඳහා මේ වනවිටත් සාකච්ඡා ආරම්භවී තිබෙන බවද පැවසීය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();