කොල්ලුපිටියේ චීන ජාතිකයන් විසින් පවත්වාගෙන ගිය සූදුපොළක සිටි චීන ජාතිකයන් 12 දෙනා අද (23) කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සූදු පොලේ සිටි චීන ජාතික කාන්තාවන් තිදෙනෙක් පිරිමි පුද්ගලයින් 9 දෙනෙක් මෙලෙස ඉදිරිපත් කට අතර ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 65ක් ලැප් ටොප් දෙකක්,සූදු කැට 984ක් අගල් 52 රූපවාහිනී යන්ත්‍ර දෙයක් ද අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
මොවුන් සියලු දෙනාම චීන ජාතිකයන් බවත් ඔවුන් පොදු ස්ථානයක සූදු ක්‍රිඩාවේ නොයෙදුණු බවත් අධිකරණයට කියා සිටී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඔවුන් ව්‍යපාරයක් වශයෙන් නොකළ නිසා අප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් වරයා එක් අයෙකු රුපියල් දෙලක්ෂ පනස් දහසක පුද්ගලික ඇප මත මුදා හරින ලෙසත් ලබන නොවැම්බර් මස 06 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසටත් නියෝග කළේය.
(සුභාෂිණී සේනානායක)
0 Comments