Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වන අලි ගම්වැදීම වැලකීමට ජෛව වැටක්

වන අලි ගම්වැදීම වැලැක්වීම සදහා ජෛව වැටක් ඉදිකිරීම හා විදුලි වැට දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
 
පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදි අමාත්‍යවරයා විසින් නිලධාරින්ට මෙම උපදෙස් ලබා දී ඇත.
 
පසුගිය මාස දෙකක කාලයක සිට වන අලින්ගේ ප්‍රහාර හේතුවෙන් තිදෙනෙක් නිකවැරටිය, පොල්පිතිගම ආශ්‍රිතව මිය ගොස් ඇති අතර තවත් වන අලි 300ක් පමණ නිකවැරටිය, කොටවෙහෙර සියඹලන්ගමුව, රාජාංගනය, පොල්පිතිගම ආදි ගම්මානවලට පැමිණ වගාබිම් හා නිවාස වලට දැඩි හානි කර ඇත.
 
මෙහිදී වන අලි එක් ගම්මානයක පොල්ගස් 1000ක් පමණ ද විනාශ කර ඇත.
 
ජනතාව මෙහිදී වන අලින්ගෙන් එල්ලවන තර්ජනයට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇත. 
 
විදුලි වැට දීර්ඝ කිරිම, අගල් කැපීම හා විශේෂයෙන්ම දෙහි වැනි ශාඛ යොදාගෙන ජෛව වැටක් ඉදිකිරිමට මෙහිදී සාකච්ඡා කරන ලදි.
 
එමෙන්ම වන අලි ගම්වැදීමට හේතු වී ඇත්තේ සියඹලන්ගමුව ඉඟිනිමිටිය ජලාශ ආශ්‍රිතව අනවසර වගාවන් කිරිමත් එම නිසා වන අලින්ට ආහාර හා ජලය නොමැතිකමත් හා එම අනවසර වගාකරුවන් අලින්ට වෙඩි තැබීම හා හිංසා කරන බවත්ය.
 
වහාම එම අනවසර වගාකරුවන් පිළිබදව කඩිනමින් තීරණයක් ගෙන ඒ පිළිබදව සොයා බලන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දෙන ලදී.
 
තවද අනවසරයෙන් කැලෑ එළිකරන පුද්ගලයින් සොයා බලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන ලදී.
 
එමෙන්ම ජනතාවගේ ආරක්ෂාව පිළිබදව ප්‍රමුඛස්ථානය ලබා දෙමින් වන අලි තර්ජනයෙන් ජනතාව මුදවා ගැනීමට කඩිනමින් හා ස්ථිර විසදුම් ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරින්ට වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී.
 
(සුභාෂිණී සේනානායක)
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();