Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිව් ඩයමන්ඩ් මෙහෙයුමට සම්බන්ධ ආයතන අතර හමුවක්

නිව් ඩයමන්ඩ් නෞකා මෙහෙයුමට දායක වන සියලු ආයතනවල නියෝජිතයින් අද (14) නීතිපතිවරයා හමුවීමට නියමිතව ඇත.
 
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ , නෞකාව ගොඩබිමට රැගෙන එන්නේද යන්න සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවයි.
 
අනතුරට ලක් වූ නෞකාවේ මෙහෙයුම් සඳහා දායක වන සියලු පාර්ශවයන් එක්ව සාකච්ඡා කරන පළමු අවස්ථාව මෙය වන බව ද ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ය.
 
නෞකාව රැගෙන යන්නේ නම්, එම ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
 
මෙරට සාගර සම්පතට සහ ආර්ථිකයට හානියක් නොවන අයුරින් අදාළ ගැටලුව විසඳා ගැනීම සඳහා විධිමත් තීරණ ගැනීම අදාළ සාකච්ඡාවේ අරමුණයි.
 
මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා(12) රාත්‍රියේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();