Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙට සිට මංතීරු නීතිය තවත් පුළුල් වෙයි

 
හෙට(21) සිට මංතීරු නීතිය මුළු කොළඹ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි සිදුකිරීමට අවධානය යොමුව ඇත.
 
ඒ, අනුව කොළඹ අවට ප්‍රදේශ කිහිපය මංතීරු නිතිය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි බස්නාහිර පළාත් රථවාහන සහ නාගරික රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා පැවසීය.
 
කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මාර්ග හතරක මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම පෙරහුරුවක් ලෙස පසුගිය 14 වැනිදා සිට ආරම්භ විය.
 
අධික රථ වාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස්ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර මංතීරු නීතියේ පෙරහුරු ක්‍රියාත්මක විය.
 
මෙහිදී ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් රථවාහන ගමනාගමනය නිරීක්ෂණය කෙරුණු අතර ඊට ගුවන් හමුදාවේ සහාය ද හිමිවිය.
 
එමෙන්ම මෙම මංතීරු නීතිය ක්‍රමානුකූලව කොළඹ නගරයෙන් පිටත නගරවලට ද රැගෙන යාමට කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවයි කමල් පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();