Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලක්‍ෂ 8.2 ක් වටිනා කහ සහ කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

 මන්නාරම පිහිටි 54 වන සේනාංක මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබු කහ කිලෝග්‍රෑම් 205.7 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 104 ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත. 
 
මැදවච්චිය-මන්නාරම මාර්ගයේ 543 වන බලසේනාවේ මාර්ග බාධකයක් හසුරුවමින් සිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කුඩා ලොරි රථයක් (ඩිමෝ බට්ටා) නවතා සෝදිසි කිරීමේදී ලක්‍ෂ 8.2 ක පමණ වටිනාකමින් යුත් කහ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු බදාදා (23) සවස 6.30 ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.  
 
එමෙන්ම, කුන්චිකුලම් මාර්ග බාධකයේ රාජකාරී කල 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාවට අයත් 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් සැකකරුවන් දෙදෙනෙකු සමග නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 104 ක තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.  මන්නාරම් සිට වෙනත් ප්‍රදේශයකට ශීතකරණයක් සහිත වාහනයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනා සමඟ රුපියල් මිලියන 20.8 වටිනාකමින් යුත් ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත. 
 
මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ජාවාරම්වලට එරෙහිව රජය විසින් සිදුකරනු ලබන රාජ්‍ය යාන්ත්‍රණයට සහයෝගය දක්වන යුද්ධ, නාවික සහ ගුවන් හමුදා භටපිරිස් පසුගිය දින කිහිපය තුළ මන්නාරම සහ වෙනත් ප්‍රදේශවලින් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය, කහ සහ වෙනත් ද්‍රව්‍ය තොගයන් අත්අඩංගුවට ගෙන තිබේ. 
 
මේ සම්බන්ධයෙන් පරික්‍ෂණ අඛණ්ඩව පැවැත්වේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();