Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලක්ෂ 6කට ආසන්න වල්ලපට්ටා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ඉංගිරිය අඩවිවන නිලධාරීන් විසින් උඩුගලකන්ද, දෙල්මෑල්ල රක්ෂිතයේ සිදුකළ හදිසි වැටළීමකදී කිලෝග්‍රෑම් 35ක බරින් යුත් වල්ලපට්ටා රෙසීන කැබලි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
ඉංගිරිය අඩවි වන නිලධාරී ලක්ෂ්මන් රණවීර මහතා ඇතුළු නිලධාරීන් පැය අටකට අධික කාලයක් තිස්සේ සිදුකළ දීර්ඝ මෙහෙයුමකින් පසු අත්අඩංගුවට පත් වූ මෙම සැකකරු සමඟ අඩවිවන නිලධාරීන් භාරයටපත් වල්ලපට්ටා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 06කට ආසන්න වෙයි.
 
කලවාන ප්‍රදේශයේම පදිංචි ගැණුම්කරුවෙකුට ලබාදීම සඳහා සැකකරුවන් විසින් සංවිධානාත්මකව වනයේ සැරිසරමින් මෙම වල්ලපට්ටා රෙසීන එක්රැස් කිරීමේ නිරතව සිට ඇති බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත.
 
ඉංගිරිය අඩවි වන නිලධාරී ලක්ෂ්මන් රත්නවීර මහතාගේ මෙහෙයවීමෙන්, අතිරේක අඩවි වන නිලධාරී ජනක ප්‍රබෝධ, බීට්ටු වන නිලධාරීන් ජී.ඩබ්ලිව්.ඩී.සරත් කුමාර, සම්පත් ගුණසේකර, ඩබ්ලිව්.ඩී.එස්.විජේතිලක, වන ක්ෂේත්‍ර සහකාරවරුන් වන එල්.එන්.එස්.සමීර, රසික ලලිත් සහ ඒ.ඩී.ආර්.අබේසිංහ යන නිලධාරීහු විසින් වැටළීම සිදුකර තිබේ.
 
(ඉංගිරිය මධ්‍යම සමූහ - ප්‍රියදර්ශනී කහවල)
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();