Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20 ගැන කමිටු වාර්තාව ජනපති හා අගමැති අතට අද

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුවේ නිගමන අද (15) ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට භාරදීමට නියමිතව ඇත.
 
එම කමිටු වාර්තාව හෙට (16) දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ද, ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
 
අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්  පත්කළේය.
 
එම කමිටුවට  කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 9 දෙනෙකු ඇතුළත් වෙයි
 
මෙම කමිටුව ඊයේ (14) සවස රැස්වී සාකච්ඡා කර තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();