ඉන්දියාවේදී මිය ගිය බව පැවසෙන ප්රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු අංගොඩ ලොක්කා හෙවත් මද්දුමාගේ ලසන්ත චන්දන පෙරේරා නමැත්තාගේ ආදාහනය කරන ලද සිරුරේ කොටස් DNA පරීක්ෂණ සඳහා යොමුකර ඇතැයි බවයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරනු ලබන ඉන්දීය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සදහන් කර සිටියේ අදාළ වාර්තා දින 04 කින් ලැබීමට නියමිත බවයි.
ප්රදීප් සිං යන නාමයෙන් ඉන්දියාවේදී පෙනී සිට ඇති බව කියන අංගොඩ ලොක්කා නමැත්තා පසුගිය ජූලි තුන්වැනිදා කොයිම්බතූර් නගරයේදී හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවට වාර්තා පළවිය.
පසුගිය ජනවාරි මාසයේදී ඔහුට ප්ලාස්ටික් සැත්කමක් සිදු කර ඇති බවද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවේ දැක්වේ.
මෙම මරණය සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයකින් විමර්ශන ක්රියාත්මකය. ඒ අනුව රෝ බුද්ධි සේවය මෙන්ම අනෙකුත් බුද්ධි අංශ ද මෙම සිද්ධියට අදාළ තොරතුරු රැස්කරමින් සිටිති.
ඉන්දියාවේදී සිටි කාලයේදී ඔහු විසින් එල්. ටී. ටී. ඊ. හිතවාදීන් සමග සබඳතා පවත්වා ඇතැයි අනාවරණය වී ඇතැයි ද සදහන්වේ.
අදාළ DNA වාර්තාව ලැබීමෙන් පසු විමර්ශනවල ඉදිරි කටයුතු වෙනුවෙන් එම වාර්තා තහවුරු කර ගැනීම සදහ ශ්රී ලංකා නිලධාරීන් වෙත යොමු කිරීමට ද නියමිත බව දැක්වේ.
0 Comments