Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රුවන්ට ?

මෙවර මහ මැතිවරණයේ දී අන්ත පරාජයකට ලක් වූ එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බෙදා ගැනීමට එජාපයේ ඉදිරිපෙළ නායකයන් අතර තරගයක් ඇති වී ඇති බව වාර්තාවෙයි.. ඊයේ (07) සිරිකොතදී එජාප නායකයන් පිරිසක් සහ ක්‍රියාකාරීන් පිරිසක් රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තමන් උනන්දුවක් නොදක්වන බව පැවසීමත් සමග අනෙක් නායකයන් අතර මේ ධුරයට තරගයක් ඇතිවී තිබේ. එහෙත් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු යන්නේ කවුදැයි තීරණයක් ගැනීම සිදු නොවුණි.


අකිල, නවීන්, රවි, දයා, වජිර වැන්නන් මෙන්ම අර්ජුණ රණතුංග පවා මෙම ආසනයට උනන්දුවක් දක්වන බව වාර්තාවේ. මේ සියලු දෙනාම කියන්නේ තමන් කළ කැප කිරීම් අනුව තමන්ට මේ ආසනය ලැබිය යුතු බවයි. එසේම ඒ හරහා පක්ෂය ගොඩනැගීමට හැකි බවද මේ අයගේ තර්කය වී තිබේ. මේ අතර එක්සත් ජාතික පක්ෂය රැක ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වී සිටින පක්ෂයේ ක්‍රියාකාරීන් රැසකගේ අදහස වී ඇත්තේ මේ අවස්ථාවේ දී සමගි ජනබලවේගය සමග එක් වූ පිරිසක් යළි එක්සත් ජාතික පක්ෂයට දිනා ගැනීමට අවශ්‍ය බවයි. ඒ අනුව මෙවර පාර්ලිමේන්තු අසුන ලබා දිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අපේක්ෂා නොකරන එහෙත් පක්ෂය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් අයෙකුට බව ඔවුන්ගේ අදහසයි. එමෙන්ම සජිත් පිළ දිනා ගැනීම සඳහා ඔවුන්ගේ ද කැමැත්ත හා ගෞරවය ඇති අයෙකුට මේ අසුන ලබා දිය යුතු බව මෙම පිරිසේ අදහස වී තිබේ. පෙර කී නායකයන් සියලු දෙනාම එජාපයේ නායකයා වීමට බලා සිටින අතර ඔවුන් සියලුම දෙනා සජිත් පිළ සම්බන්ධයෙන් ඇත්තේ ඍණාත්මක අදහසකි. මේ නිසා ඒ අතරින් කෙනෙකු පත් කිරීම ප්‍රශ්නයක් විය හැකි බවත් මේ නිසා රුවන් විජයවර්ධන වැනි එජාපයේ මෙන්ම සජිත් පිළේද පිළිගැනීම ඇති තරුණයෙකුට මෙම පාර්ලිමේන්තු ආසනය ලබා දී ඔහු පක්ෂය ශක්තිමත් කිරීමේ කාර්යයට පාලමක් සේ යොදා ගත යුතු බවත් එජාත ජ්‍යේෂ්ට ක්‍රියාකාරීන්ගේ අදහස වී තිබේ.

සජිත් ප්‍රේමදාසට නායයකත්වයේ වගකීම ලබා දිය යුතු යැයි මුලින්ම යෝජනා කළේ රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවෙන් වූ අතර එහි යෝජනා ක්‍රියාත්මක කිරීමට රනිල් අකමැති වීම නිසා පක්ෂය කැඩී යාම දක්වා තත්ත්වය දරුණු වූ බව එජාපයට හිතැති ජ්‍යේෂට ක්‍රියාකාරීහු පෙන්වා දෙති. රුවන් විජයවර්ධනට පක්ෂයේ නායකත්වය ලබා දීමට රනිල්ගේ කැමැත්තක් ඇතැයි කියවුණද රුවන් නිරන්තරයෙන්ම එම ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරමින් තමන්ට නායකත්වය අවශ්‍ය නොමැති බවත් නියම සුදුස්සා පක්ෂයෙන් තෝරා ගන්නා බවත් ප්‍රකාශ කිරීම නිසා ඔහුට පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් බලොපොරොත්තුවක් නොවන බවද ඔහුට අවශ්‍යව ඇත්තේ පක්ෂය ශක්තිමත් කිරීම පමණක් බව මේ ජ්‍යේෂ්ටයන්ගේ අදහස වී තිබේ. එහෙයින් ඉදිරිපෙළ නායකයෙකුට මෙම මන්ත්‍රී ධුරය ලබා දී පක්ෂය තවත් අර්බුදයකට යොමු නොකර දෙවැනි පෙළ නායකයෙකු වන රුවන් ඒ සඳහා යොදවා පක්ෂය යළි සංවිධානය කිරීමේ වගකීම ඉදිරිපෙළ නායකයන්ට ලබා දෙන ලෙසත් රුවන් මේ සියල්ලේ සම්බන්ධීකාරක ලෙස යොදා ගන්නා ලෙසත් මෙම පිරිස පක්ෂයේ නායකත්වයට සහ අනෙක් නායකයන් දැඩි පීඩනයක් යොමු කරමින් සිටිති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();