මීරියබැද්ද නායගොස් වසර 6 ක් ගත වී ඇතත් එහි ජනතාවට ඉඩම්, ගෙවල් තවමත් ලබා දීමට කිසිදු රජයක් පියවර ගෙන නොමැති බව අප මීට පෙරද වාර්තා කළෙමු.
මෙම ජනතාවට සති 3 කට පමණ පෙර දිස්ත්රික් ලේකම්වරයා පොරොන්දුවක් ලබා දී තිබුනේ මසක් අතුලත ඉඩම් මැනීම සිදු කර නිවාස ඉදිකිරීම ආරම්භ කරන බවයි එහෙත් නිවස 210ක් පමණ ලබා දිය යුතු උවත් මේවන විට ලබා දී ඇත්තේ 75 ආසන්න ප්රමාණයක් පමණක් බව වතු කම්කරු සංගමයේ සම සංවිධායක මාක්ස් ප්රභාගර් පවසයි.
වසර 6ක් තිස්සේ ඡන්ද පොරොන්දු වලට පමණක් සීමා වී ඇති මීරියබැද්ද ජනතාවට ඉඩම් ගෙවල් ලබා ගැනීම සදහා ඉදිරියේදී ජනතාව සමග එක්ව පාරට බැස සටන ආරම්භ කරන බවද අප කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පැවසීය.
The post මීරියබැද්ද ජනතාවට ඉඩම්, ගෙවල් තවමත් නෑ. appeared first on Lanka News Column.
0 Comments